මිරිදිය මත්ස්‍ය පැටවුන් සුලභ කිරීමට වැඩපිළිවෙළක්

මිරිදිය මත්ස්‍ය පැටවුන් සුලභ කිරීමට වැඩපිළිවෙළක්

by Staff writer 13-08-2018 | 5:05 PM

COLOMBO (News 1st) - මිරිදිය මත්ස්‍ය පැටවුන් සුලභ කිරීමට ජාතික ජල ජීවි වගා සංවර්ධන අධිකාරිය පියවර ගෙන තිබේ.

එම අධිකාරිය සඳහන් කළේ, උඩවලව මිරිදිය මත්ස්‍ය අභිජනන මධ්‍යස්ථානයේ පොකුණුවල මත්ස්‍ය පැටවුන් බෝ කිරීමට පියවර ගත් බවයි. මේ යටතේ පොකුණු 24 ක් ඉදි කිරීම සඳහා රුපියල් මිලියන එකසිය පනහක් වැය කළ බව ද ජාතික ජල ජීවි වගා සංවර්ධන අධිකාරිය සඳහන් කළේ ය.