නිට්ටඹුවේදී කොල්ලකරුවෙක් පොලිස් දැලට කොටු

නිට්ටඹුවේදී කොල්ලකරුවෙක් පොලිස් දැලට කොටු

by Staff writer 13-08-2018 | 12:16 PM
COLOMBO (News 1st) : නිට්ටඹුව, එල්ලක්කල ප්‍රදේශයේදී කොල්ලකෑම් රැසකට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ, එල්ලක්කල, කටුලන්දවත්ත ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි අයෙකු එලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි. සැකකරු 2015 වසරේදී හෙයියන්තුඩුව නිවසකට අයුතු ලෙස ඇතුළු වී ගිනි අවි පෙන්වා බිය ගන්වා රුපියල් ලක්ෂ 80 ක් වටිනා රන් භාණ්ඩ කොල්ලකෑමේ සිද්ධියකට අවශ්‍යව සිටි සැකකරුවෙකු බව පොලීසිය සඳහන් කළේ ය. පොලීසිය පැවසුවේ, සැකකරු ගම්පහ, පාදුක්ක, වැලිවේරිය, යන ප්‍රදේශවල කොල්ලකෑමේ සිද්ධීන් 5 ක් සම්බන්ධයෙන් 2015 වසරේදී අත්අඩංගුවට ගෙන ගම්පහ අධිකරණයේ නඩු පවරා වරෙන්තු නිකුත්වී ඇති අයෙකු බවයි. ඉහත අපරාධය සම්බන්ධයෙන් මීට පෙර සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර කොල්ලකන ලද භාණ්ඩවලින් කොටසක්, ඒ සඳහා යොදාගත් ටී 56 ගිනි අවිය හා තියුණු ආයුධයක් සොයා ගෙන ඇති බව පොලීසිය සඳහන් කළේ ය.