ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Sagarika Chathumali 13-08-2018 | 6:45 AM

දේශීය පුවත්...

1. දුම්රිය වැඩ වර්ජනය අවසන් : ඊයේ උදෑසන ජනාධිපතිවරයා සමග පොළොන්නරුවේදී පැවති සාකච්ඡාවකින් අනතුරුව වැඩ වර්ජනය නතර කිරීමට දුම්රිය වෘත්තීය සමිති තීරණය කළේ ය. 2. පේරාදෙණියේ වසා දැමුණු පීඨ යළි විවෘතයි : පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වසා දැමුණු වෛද්‍ය පීඨය, දන්ත පීඨය සහ කෘෂි පීඨයේ අධ්‍යයන කටයුතු අද ආරම්භ කරන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලය ඊයේ නිවේදනය කළේ ය. 3. ඒකාබද්ධය පාර්ලිමේන්තුවේ ස්වාධීන වීමේ සූදානමක : පාර්ලිමේන්තුවේ ස්වාධීන කණ්ඩායමක් ලෙස ක්‍රියා කිරීමට අවධානය යොමුකර ඇතැයි ඒකාබද්ධ විපක්ෂය පවසයි. පසුගිය දා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් කථානායකවරයාට ලිපියක් යොමු කරමින් විපක්ෂ නායක ධුරය ඉල්ලා සිටි අතර කථානායකවරයාගේ නිගමනය වූයේ ව්‍යවස්ථාවත්, සම්ප්‍රදායත් අනුව විපක්ෂ නායක ධුරයේ වෙනසක් සිදුකළ නොහැකි බවයි. 4. ඉන්දීය ආධාරවලින් තැනූ නිවාස 400ක් ජනතා අයිතියට : ඉන්දීය රජයේ ආධාර මත ඉදි කළ නිවාස 400ක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ නුවරඑළිය, පුඩලුඔය ප්‍රදේශයේදී ජනතා අයිතියට පත්කෙරිණ.

විදේශීය පුවත්...

1. සූර්යාගේ අභිරහස් සෙවීමේ චන්ද්‍රිකාව අභ්‍යවකාශයට : නාසා ආයතනය විසින් නිර්මාණය කරන ලද සූර්යාගේ අභිරහස් සෙවීමේ චන්ද්‍රිකාවක් රැගත් රොකට්ටුව ඊයේ සාර්ථකව අභ්‍යවකාශ ගත කෙරිණ. 2. කේරළයට ජල ගැලීම් : ඉන්දියාවේ දකුණු දිග කේරල ප්‍රාන්තයට බලපා ඇති ජලගැලීම් හේතුවෙන් දහස් සංඛයාත පිරිසක් පීඩාවට පත්ව ඇති බව වාර්තා වේ.  විදෙස් වාර්තා සදහන් කළේ, මේ හේතුවෙන් වගා රැසක් විනාශ වී ඇති අතර ගමනාගමන කටයුතුවලට ද බලපෑම් එල්ල වී ඇති බවයි.

ක්‍රීඩා පුවත්...

1. අවසන් එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක් : දකුණු අප්‍රිකාව සමග පැවති 5 වන සහ අවසන් එක්දින ක්‍රිකට් තරගය ශ්‍රී ලංකාව ඊයේ ලකුණු 178 කින් ජය ගත්තේ ය. එහිදි කැපී පෙනෙන ක්‍රීඩා රටාවක් පෙන්නුම් කළ අකිල ධනංජය ලබා ගත් කඩුලු සංඛ්‍යාව 6කි.