ඉන්දුනීසියා ගුවන් අනතුරින් දරුවකුගේ දිවි බේරෙයි

ඉන්දුනීසියා ගුවන් අනතුරින් දරුවකුගේ දිවි බේරෙයි

by Staff writer 13-08-2018 | 8:35 AM

News 1st : ඉන්දුනීසියාවේ සිදු වූ මාරාන්තික ගුවන් අනතුරකින් වයස අවුරුදු 12ක කුඩා දරුවෙකු දිවි බේරාගෙන තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, සහන කණ්ඩායම්වලට ඔහු හමු වනවිට සිහිසුන්ව සිටි බවයි. ඊයේ සිදු වූ මෙම අනතුරෙන් පුද්ගලයින් 08 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය. යානය ගුවන්ගත වී කෙටි වේලාවකින් එහි සංඥා අක‍්‍රීය වී ඇති බවට ද තොරතුරු අනාවරණ වී තිබේ. අනතුර සිදු වනවිට කාර්ය මණ්ඩල සාමාජිකයින් දෙදෙනෙකු සමග යානයේ ගමන් ගෙන ඇති සංඛ්‍යාව 09කි. අනතුර සිදුව තිබුණේ පැපුවානිව්ගිනියාවට ආසන්න කඳුකර ප‍්‍රදේශකදීයි. මීට වසර 03කට පෙර මෙම ප‍්‍රදේශයේ සිදු වූ ගුවන් අනතුරකින් 54 දෙනෙකුට ජීවිත අහිමි විය.