සායනික අපද්‍රව්‍ය තොගයක් පුත්තලම් වෙරළට ගොඩගසයි

ඉන්දියාවේ ඉවතලන ලන සායනික අපද්‍රව්‍ය තොගයක් පුත්තලම වෙරළ තීරයට ගොඩගසයි

by Staff writer 13-08-2018 | 5:42 PM

COLOMBO (News 1st) - පුත්තලම වෙරළ තීරයට දින කිහිපයක සිට ඉන්දියාවේ භාවිත කර ඉවතලන ලන සායනික අපද්‍රව්‍ය ගොඩගසමින් තිබේ.

වෙරළ තීරයට ගිය නිව්ස්ෆස්ට් කණ්ඩායමට දැකගත හැකි වූයේ, සිරින්ජර්, ප්ලාස්ටික් හා වීදුරු ඖෂධ බෝතල් ඇතුළු සායනික අපද්‍රව්‍ය වෙරළට ගොඩගසා ඇති ආකාරයයි. සමුද්‍රීය වෙරළ ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරී ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා සඳහන් කළේ, මේවා ඉන්දියාවේ භාවිත කරන ලද සායනික ද්‍රව්‍ය බවට විශ්වාස කරන බව ය. වෙරළ තීරය මේ වන තෙක් පිරිසිදු කර නොමැති අතර දැඩි ලෙස අපවිත්‍ර වී ඇති ආකාරය අපට දැකගත හැකි විණි. බැහැර කරන ලද සායනික අපද්‍රව්‍ය හේතුවෙන් පුත්තලම වෙරළ තීරයට සිදුව ඇති හානිය පිළිබඳව සවිස්තර වාර්තාවක් රාත්‍රි 7.00 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය තුළින් බලාපොරොත්තු වන්න. https://www.facebook.com/NewsfirstSL/videos/326549511223005/