දිවයිනේ නිරතදිගට වැසි

දිවයිනේ නිරතදිග කොටසට වැසි

by Staff writer 12-08-2018 | 5:53 PM

COLOMBO (News 1st) : දිවයිනේ නිරත දිග කොටසේ වැසි තත්ත්වයේ සහ සුළඟේ වේගයෙහි තරමක වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ සඹරගමුව සහ මධ්‍යම පළාත්වලත්,ගාල්ල මාතර සහ කළුතර දිස්ත්‍රික්කවලත්, විටින් විට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි. වයඹ පළාතේ ද ,කොළඹ, ගම්පහ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල ත්, වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.