ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Staff writer 12-08-2018 | 10:03 AM
දේශිය පුවත් 1. ශ්‍රී ලංකා සිංගප්පුරු නිදහස් වෙළෙඳ ගිවිසුම පිළිබඳ අධ්‍යයනයට ජනපතිගෙන් විශේෂඥ කමිටුවක්: ශ්‍රී ලංකා සිංගප්පුරු නිදහස් වෙළෙඳ ගිවිසුම සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වයන්ගෙන් ලැබී ඇති අදහස් සලකා බලමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් විශේෂ අධ්‍යයනයක් සිදුකර වාර්තා කිරිම සඳහා ස්වාධීන විශේෂඥයින්ගෙන් සැදුම් ලත් කමිටුවක් පත්කරයි. 2. දුම්රිය වැඩවර්ජනය හේතුවෙන් වී ඇති පාඩුව රුපියල් මිලියන 50 ඉක්මවයි: ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය වාණිජ අධිකාරී එන්. ජේ. ඉදිපොල මහතා සඳහන් කළේ දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍ය දෛනික ආදායම් රුපියල් මිලියන 17 ක් පමණ වන බවයි. ඒ අනුව, රුපියල් මිලියන 70කට අධික ආදායමක් දුම්රිය දෙපාර්තමේන්තුවට අහිමි වී ඇත. 3. රටවල් 10කට නව තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන්: ශ්‍රී ලංකාව නියෝජනය කරමින් රුසියාව ඇතුළු රටවල් 10ක් සඳහා නව තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන් පත් කර ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය ඊයේ නිවේදනය කළේ ය. 4.වයඹ පළාත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වර්ජනයකට: අතිකාල ගැටලුවක් මුල් කර ගනිමින් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය වයඹ පළාත පුරා වැඩ වර්ජනයක නිරතවීමට තීරණය කර තිබෙන බව එහි සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කරයි. 5.IOC සමාගමෙත් ඉන්ධන මිල ඉහළට: රජයේ ඉන්ධන මිල සංශෝධනයට සාපේක්ෂව ලංකා IOC සමාගමද ඉන්ධන මිල ගණන් ඉහළ දමා තිබේ. ඒ අනුව, Euro 4 ප්‍රමිතියෙන් යුත් ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 160.00 කි. Euro 4 ප්‍රමිතියෙන් යුත් සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 130.00 ක් වනු ඇත. විදෙස් පුවත් 1. පුද්ගලයින් 09 දෙනෙකු රැගත් ඉන්දුනිසියානු අභ්‍යන්තර ගුවන් යානයක් අතුරුදන්: කඳු සහිත පැපුවා පළාතට ඉහළ අහසේ ගමන් කරමින් සිටි පුද්ගලයින් 09 දෙනෙකු රැගත් ඉන්දුනිසියානු අභ්‍යන්තර ගුවන් යානයක් ගොඩබිම සමඟ පැවති සබඳතා ඇණහිට ඇති අතර එහි සිටි නියමුවන් 02 දෙනෙකු සහ ළමුන් ඇතුලු මගීන් 07 දෙනෙකු සිටි බව විදෙස් මාධ්‍ය පවසයි. ක්‍රීඩා 1. ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමේ බලාපොරොත්තුවක් සුන්වෙයි: වයස අවුරුදු 20 න් පහළ ආසියානු සත් සමාජික රග්බි තරගාවලියේ අවසන් මහා තරගයට පිවිසීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට ඊයේ අහිමි විය.