කල්තොට අනතුරකින් පුද්ගලයින් සිව් දෙනෙකුට තුවාල

කල්තොට අනතුරකින් පුද්ගලයින් සිව් දෙනෙකුට තුවාල

by Staff writer 12-08-2018 | 5:40 PM

COLOMBO (News 1st) : බලංගොඩ, කල්තොට ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් 4 දෙනෙකු තුවාල ලබා තිබේ.

පොලීසිය සඳහන් කළේ, ලොරි රථයක් සහ වෑන් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි. අනතුරින් තුවාල ලැබූවන් බලංගොඩ රෝහලට ඇතුළත් කර තිබේ. තුවාල ලැබූවන් අතර කාන්තාවක, පිරිමි පුද්ගලයෙකු සහ කුඩා ළමුන් දෙදෙනෙකු ද වන බව පොලීසිය සඳහන් කළේ ය.