ඒකාබද්ධය පාර්ලිමේන්තුවේ ස්වාධීන වීමේ සූදානමක

by Staff writer 12-08-2018 | 6:32 PM

COLOMBO (News 1st) : පාර්ලිමේන්තුවේ ස්වාධීන කණ්ඩායමක් ලෙස ක්‍රියා කිරීමට අවධානය යොමුකර ඇතැයි ඒකාබද්ධ විපක්ෂය පවසයි.

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් කථානායකවරයාට ලිපියක් යොමු කරමින් විපක්ෂ නායක ධුරය ඉල්ලා සිටි අතර කථානායකවරයාගේ නිගමනය වූයේ ව්‍යවස්ථාවත්, සම්ප්‍රදායත් අනුව විපක්ෂ නායක ධුරයේ වෙනසක් සිදුකළ නොහැකි බවයි.