ඉන්දීය ආධාරවලින් තැනූ නිවාස 400ක් ජනතා අයිතියට

by Staff writer 12-08-2018 | 7:11 PM

COLOMBO (News 1st) : ඉන්දීය රජයේ ආධාර මත ඉදි කළ නිවාස 400ක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද නුවරඑළිය, පුඩලුඔය ප්‍රදේශයේදී ජනතා අයිතියට පත්කෙරිණ.

මෙම ගම්මානය නම් කර තිබෙන්නේ මහත්මාගාන්ධිපුරම් ලෙසයි. නිවාස විවෘත කිරීමේ අවස්ථාවට නවීන් දිසානායක, ගයන්ත කරුණාතිලක, රවුෆ් හකීම් ඇතුළු මැති ඇමතිවරුන් පිරිසක් හා ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් තරංජිත් සිං මහතාද එක්ව සිටියහ. එහිදි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ස්කයිෆ් තාක්ෂණය ඔස්සේ ජනතාවට සුබ පැතී ය.