හෙළ සිනමාවේ නිළි රැජිණ වෙනුවෙන් සිනමා උළෙලක්

හෙළ සිනමාවේ නිළි රැජිණ වෙනුවෙන් සිනමා උළෙලක්

හෙළ සිනමාවේ නිළි රැජිණ වෙනුවෙන් සිනමා උළෙලක්

කර්තෘ Sakila Udayakumara

12 Aug, 2018 | 1:32 pm

හෙළ සිනමාවේ නිළි රැජිණ යන විරුදාවලියෙන් පිදුම් ලැබූ මාලනී ෆොන්සේකා මහත්මියගේ සිනමා දිවියට වසර 50 ක් සපිරීම නිමිත්තෙන් ලබන 18 වැනිදා සිට චිත්‍රපට උළෙලක් පැවැත්වෙනවා.

ඒ, ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී සිනමා ශාලාවේදීයි.

18 වැනිදා සිට 21 වැනිදා දක්වා පැවැත්වෙන චිත්‍රපට උළෙලේදී සෑම දිනකම පස්වරු 6 ට මාලනී ෆොන්සේකා මහත්මිය රංගන දායකත්වය ලබාදුන් විශිෂ්ට සිනමාපට තිරගත වනවා.

1968 වසරේ තිස්ස ලියනසූරිය මහතාගේ පුංචි බබා සිනමා පටයෙන් සිනමා කේෂත්‍රයට අවතීර්ණ වූ මාලනී ෆොන්සේකා මහත්මිය, මේ වන විට රංගන දායකත්වය ලබාදී ඇති සිනමාපට ගණන 155 ක්.