IOC සමාගමෙත් ඉන්ධන මිල ඉහළට

IOC සමාගමෙත් ඉන්ධන මිල ඉහළට

by Staff writer 11-08-2018 | 6:41 AM

COLOMBO (News 1st) - රජයේ ඉන්ධන මිල සංශෝධනයට සාපේක්ෂව ලංකා IOC සමාගමද ඉන්ධන මිල ගණන් ඉහළ දමා තිබේ.

ඉන්ධන මිල සූත්‍රයට අනුව ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 2.00 කින් සහ සුපර් ඩීසල් ලීටරයක මිල ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි 1.00 කින් ඉහළ නැංවීමට රජය පිවර ගත්තේ ය. ඒ අනුව ඔක්ටේන් 95 පෙට්‍ර්ල් ලීටරයක නව මිල රුපියල් 157.00 ක් වන අතර සුපිරි ඩීසල් ලීටරයක නව මිල 130.00 වනු ඇති. මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ, ජාත්‍යන්තර මිල ගණන් අනුව සෑම මසකම 10 වන දා සිට ක්‍රියාත්මක කිරීමට හඳුන්වා දුන් මිල සුත්‍රය අනුව මෙම මිල සංශෝධනය සිදු කළ බවයි. ඊට සමගාමීව ලංකා IOC සමාගමද ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබේ. ඒ අනුව Euro 4 ප්‍රමිතියෙන් යුත් ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 160.00 කි. Euro 4 ප්‍රමිතියෙන් යුත් සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 130.00 ක් වනු ඇති. ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් හා ලංකා ඔටෝ ඩීසල් මිල ගණන් වෙනසකට ලක්කර නොමැත. ගෙවුණු මාස 03 ක කාලය තුළ ඉන්ධන මිල සංශෝධනය කෙරුණු 5 වන අවස්ථාව මෙය වනු ඇති.