මත්පෙති 70,000 ක් සමග යුවළක් අත්අඩංගුවට

සෙට්ටිකුලමෙන් මත්පෙති 70,000 ක් සමග යුවළක් අත්අඩංගුවට

by Staff writer 11-08-2018 | 11:08 AM

COLOMBO (News 1st) - සෙට්ටිකුලම, මාන්කුලම් ප්‍රදේශයේදී මත්පෙති 70,000 ක් සමග යුවළක් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ඒකකය පැවසුවේ, යාපනය කොට්ඨාස දූෂණ මර්දන අංශයේ නිලධාරීන් කළ වැටලීමකදී කාර් රථයකින් ගමන් කරමින් සිටි අදාළ යුවළ මත්පෙති සමග අත්අඩංගුවට ගත් බවයි. එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 24 හා 18 යන වයස්වල පසුවන මාතලේ හා කැලණිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙකි. ඔවුන් අද වව්නියාව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව වේ.