by Staff writer 11-08-2018 | 6:46 PM
COLOMBO (News 1st) - වව්නියාව සෙට්ටිකුලම් ප්‍රදේශයේදී මත්පෙති 70,000ක් සොයා ගැනීමේ ජාවාරම පිටුපස සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මාකඳුරේ මදුෂ් සිටින බව අනාවරණය වී ඇතැයි පොලීසිය පවසයි.
පොලීසිය සඳහන් කළේ, මෙම මත්පෙති තොගය ඩුබායි රාජ්‍යයේ සිට තමිල්නාඩුව හරහා ශ්‍රී ලංකාවට එවා ඇති බව ය.
එහි වටිනාකම රුපියල් ලක්ෂ 210කි.
මෙම මත්පෙති තොගය ප්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගත් යුවළ ඒවා ප්‍රවාහනය කිරීම පමණක් සිදු කර ඇති බව විමර්ශනවලදී හෙළි වී තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගැනුණේ, කැලණිය සහ මාතලේ ප්‍රදේශයේ පදිංචි 18 හැවිරිදි සහ 24 හැවිරිදි යුවළකි.
පොලීසිය පවසන්නේ, බෝට්ටු මගින් උතුරු ප්‍රදේශයට රැගෙන එන මෙම මත්පෙති, ජාවාරම්කරුවන් විසින් කොළඹ ඇතුළු ප්‍රදේශවල තරුණයින් හා පාසල් ළමුන් අතර බෙදා හරින බව ය.