මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුනුත් වර්ජනයකට සැරසෙයි

වයඹ පළාත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වර්ජනයකට සැරසෙයි

by Staff writer 11-08-2018 | 7:23 AM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය වයඹ පළාත පුරා වැඩ වර්ජනයක නිරතවීමට තීරණය කර තිබේ.

එහි සභාපති උපුල් රෝහණ මහතා පැවසුවේ, අතිකාල ගැටලුවක් මුල් කර ගනිමින් මෙම පියවරට එළැඹි බවයි. පසුගිය දා පුත්තලම දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක වැඩ වර්ජනයට විසඳුම් නොලැබීම හේතුවෙන් අද සිට වයඹ පළාත පුරා වර්ජනය ක්‍රියාත්මක කිරීමට පියවර ගත් බව ඔහු පැවසුවේ ය.