දියවැඩියා රෝගීන්ට නව වී වර්ගයක්

දියවැඩියා රෝගීන්ට නව වී වර්ගයක් හඳුන්වා දෙයි

by Staff writer 11-08-2018 | 8:38 AM

COLOMBO (News 1st) - දියවැඩියාව වැළැක්වීම සඳහා ඉවහල්වන නව වී ප්‍රභේදයක් හඳුන්වාදීමට අම්බලන්තොට වී පර්යේෂණායතනය පියවර ගෙන තිබේ.

“නීරෝගා” නමින් හැඳින්වෙන මෙම වී වර්ගය සහල්වල අඩංගුවන අවම කාබෝහයිඩ්‍රේට් නිසා රුධිරයේ සීනි ප්‍රමාණය අවම කර ගැනීමට හැකි වන බව සඳහන් වේ. මෙම නව වී වර්ගය ව්‍යාපාරික මට්ටමින් වගා කර එම සහල් විදේශ රටවලට පවා අපනයනය කිරීමට හැකි වන පරිදි අවශ්‍ය පියවර ගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා උපදෙස් ලබා දී ඇත.