ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Hashini De Mel 11-08-2018 | 6:25 AM

දේශිය පුවත්

1. අද සිට පෙට්‍රල් සහ ඩීසල් මිල ඉහළට: අද සිට ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 2.00 කින් හා සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 1.00 කින් ඉහළ දමා තිබේ. ඒ අනුව, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 157.00 ක් වන අතර සුපිරි ඩීසල් ලීටරයක නව මිල 130.00 ක් වනු ඇති. 2. රජයේ සේවක වැටුප් වෙනසක් ගැන සොයා බැලීමට කොමිසමක්: දුම්රිය සේවකයින්ට පමණක් නොව සියලුම රාජ්‍ය සේවකයින්ගේ වැටුප් සංශෝධනය කිරීම පිළිබඳව සොයා බැලීමට විශේෂ කොමිෂන් සභාවක් පිහිටුවීමේ කැබිනට් පත්‍රිකාව ලබන සතියේ ඉදිරිපත් කරන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි. 3. උතුරු පළාත් සභා මන්ත්‍රී ටී. රවිහරන් අත්අඩංගුවට: උතුරු පළාත් සභා මන්ත්‍රී ටී. රවිහරන් මහතා අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, මුලතිව් දිස්ත්‍රික් ධීවර දෙපාර්තමේන්තුවට අයත් කාර්යාලයකට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගත් බවයි. 4. ජාතික හැඳුනුම්පතක් ලබා ගැනීමේ අයැදුම් පත්‍රයක් සඳහා සැප්තැම්බර් සිට ගාස්තු අය කෙරේ: පළමු වරට ජාතික හැඳුනුම්පතක් ලබා ගැනීමේ අයැදුම් පත්‍රයක් සඳහා සැප්තැම්බර් පළමු වන දා සිට රුපියල් 100ක මුදලක් අය කරන බව රජය පවසයි. අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් අභ්‍යන්තර කටයුතු හා වයඹ සංවර්ධන අමාත්‍යංශය මේ බව නිවේදනය කළේ ය. 5. විපක්ෂ නායක ධූරය පිළිබඳව කථානායකවරයාගෙන් විශේෂ ප්‍රකාශයක්: විපක්ෂ නායක ධූරය සම්බන්ධයෙන් අවසන් තීරණය කථානායක කරූ ජයසූරිය මහතා විසින් පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ ය. කථානායකවරයා ප්‍රකාශ කර සිටියේ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම වෙනම පක්ෂයක් ලෙස පිළිගැනීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලවත් සම්ප්‍රදායානුකූලවත් අවස්ථාවක් නොමැති බවයි.

විදෙස් පුවත්

6. ට්‍රම්ප් අභ්‍යවකාශ හමුදා බලඇණියක් නිර්මාණය කිරීමට සැරසෙයි: විශේෂ අභ්‍යවකාශ හමුදා බලඇණියක් නිර්මාණය කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ, එරට ජාතික අභ්‍යවකාශ කවුන්සිලයේ තෙවන සැසිවාරයට එක්වෙමිනි.