2018 රාජ්‍ය සාහිත්‍ය උළෙල සැප්තැම්බර් 11 වන දා

2018 රාජ්‍ය සාහිත්‍ය උළෙල සැප්තැම්බර් 11 වන දා

by Staff writer 10-08-2018 | 4:21 PM

COLOMBO (News 1st) - 2018 රාජ්‍ය සාහිත්‍ය උළෙල ලබන සැප්තැම්බර් 11 වන දා පැවැත්වීමට නියමිත වේ.

ඒ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍ර‍ධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී යි. මෙහිදී වසරේ ප්‍ර‍ශස්තම නවකතාව, වසරේ ප්‍රශස්තම කෙටිකතාව ඇතුලු අංශ කිහිපයක් යටතේ තොරාගත් කෘති සඳහා සම්මාන පිරිනැමීමට නියමිත බව සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.