by Staff writer 10-08-2018 | 3:14 PM
COLOMBO (News 1st) - හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගයට පස් කන්දක් කඩා වැටීමෙන් එහි ගමනාගමනයට බාධා එල්ල වී තිබේ.
හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගයේ ස්වැඩන්වත්ත ප්‍රදේශයෙදී මෙම පස් කඳු කඩා වැටීම සිදු වී ඇත.
ඒ හේතුවෙන් අද පස්වරු 1.00 සිට එහි ගමනාගමනය එක් මංතීරුවකට පමණක් සීමා කර ඇති බව පොලීසිය සඳහන් කළේ ය.
අඛණ්ඩ පවතින වැසි තත්ත්වය හේතුවෙන් එම ප්‍රදේශයේ පස් කඳු කඩා වැටීමේ අවදානම තවදුරටත් පවතින අතර එම මාර්ගයේ රථ වාහන ධාවනය කිරීමේදී සැළකිළිමත්ව රිය ධාවනය කරන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටි.
මේ අතර පවතින අධික වර්ෂාව හේතුවෙන් කාසල්රි සහ මාවුස්සා කැලේ ජලාශවල ජල මට්ටම ද පිටාර මට්ටමට ආසන්න වී ඇත.