COLOMBO (News 1st) - විපක්ෂ නායක ධූරය සම්බන්ධයෙන් අවසන් තීරණය කථානායක කරූ ජයසූරිය මහතා විසින් අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ ය.
කථානායකවරයා ප්‍රකාශ කර සිටියේ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම වෙනම පක්ෂයක් ලෙස පිළිගැනීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලවත් සම්ප්‍රදායානුකූලවත් අවස්ථාවක් නොමැති බවයි.
කථානායක, කරූ ජයසුරිය,
දැනට බලාත්මකව පවතින ජාතික ආණ්ඩුවේ එක්සත් ජාතික නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරු පිරිසක් තම අමාත්‍යධූර දරමින් ආණ්ඩුවේ හවුල් කාර පක්ෂයක් ලෙස මේ වන විටත් කටයුතු කරමින් සිටින බැවින් එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන විරුද්ධ පක්ෂය අසුන් ගෙන සිටින මන්ත්‍රීවරුන් සංඛ්‍යව විරුද්ධ පක්ෂය වෙනුවෙන් විරුද්ධ පක්ෂය පිළිගැනීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව මට හැකියාවක් නොමැත. කරුණු මෙසේ හෙයින් පාර්ලිමේන්තුවේ විරුද්ධ පක්ෂ නායක ධූරය සම්බන්ධයෙන් මේ අවස්ථාවේ වෙනසක් කිරීමට ව්‍යවස්ථානුකූලවත් සම්ප්‍රධානූකූලවත් මේ උත්තරීතර සභාවේ කථානායකවරයා ලෙස මට හැකියාවක් නොමැතිවන බව මාගේ අවසාන තීරණය ලෙස මින් ප්‍රකාශයට පත් කරමි.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පා.ම, දිනේෂ් ගුණවර්ධන,
මම ඔබතුමාගේ ප්‍රකාශය, තීරණය, අභියෝගයට ලක් කිරීම නෙවෙයි කරන්නේ. ලක්ෂ සංඛ්‍යාත ඡන්ද දායක සංඛ්‍යාවක් වෙනුවෙන් අපි පාර්ලිමේන්තුවේ ඉන්නේ.
කථානායක, කරූ ජයසුරිය,
ගරු මන්ත්‍රීතුමා මේ කරුණ අපි පැය 4 ක් තිස්සේ වාද විවාද කළානේ එදා.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පා.ම, දිනේෂ් ගුණවර්ධන,
ප්‍රශ්නය තියෙන්නේ අපි 70 දෙනා ඡන්දය ඉල්ලලා ආවේ පාර්ලිමේන්තුවේ එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයෙන් ආණ්ඩුයක් හදන්න නෙවෙයි.
සභානායක, ලක්ෂ්මන් කිරිඇල්ල,
ගරු කථානායකතුමනි, ස්ථාවර නියෝගය අනුව ඔබතුමාගේ නියෝගය ඔබතුමාගේ තීරණය අවසාන තීරණය
කථානායක, කරූ ජයසූරිය,
නෑ. මං එතුමට පැහැදිලි කරා. ඔබතුමා ගරු කරයි කියලා.
කථානායක, කරූ ජයසූරිය,
මම හිතුවක්කාරකමක් නෙවයි කෙළේ ස්ටෑන්ඩින් ඕඩර්ස්
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පා.ම, ඩලස් අලහප්පෙරුම,
නමුත් ඔබතුමාගේ තීන්දුව හරහා මතුවෙච්ච කරුණු 3 ක්, පැහැදිලි කර ගැනීමට අවශ්‍යයි.
කථානායක, කරූ ජයසුරිය,
වාද විවාද කරන්න බෑ. ඔබතුමාලා ස්ථාවර නියෝග කඩනවනේ මේ වැඩෙන්
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පා.ම, ඩලස් අලහප්පෙරුම,
මරණීය දණ්ඩනය දුන්නමත් විත්තිකරුවගෙන් අවස්ථාවක් දෙනවා. ගරු කථානායකතුමනි සමාවෙන්න. ඔබතුමාගේ තීන්දුව තුළ මතුවෙච්ච පරස්පරතාවයන් 2 ක් පිළිබඳව ඔබතුමාට කියන්නේ මේ අවස්‍ථාවේ.
කථානායක, කරූ ජයසුරිය,
මෙතනදී කියලා වැඩක් නෑනේ. පස්සේ මාව දැනුවත් කරන්න.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පා. ම, ඩලස් අලහප්පෙරුම,
ඔබතුමා කියන්නේ අපේ එක්සත් නිදහස් සන්ධානෙන් ඉවත් වෙලා, ස්වාධීන කණ්ඩායමක් බවට පත් වෙනවනම්
කථානායක, කරූ ජයසුරිය,
මම මේ තීරණය දිලා තියෙනවා මේක අවසාන තීරණය. සොරි. වෙන මට ගන්න බෑ.
සභානායක, ලක්ෂ්මන් කිරිඇල්ල,
ස්වාධීන මන්ත්‍රීවරු වුනායින් පස්සේ මේකට තීරණයක් දෙන්න පුලුවන්. ඉස්සෙල්ලා ස්වාධීන වෙන්න ඕන. ස්වාධීන වෙන්නකෝ