by Staff writer 10-08-2018 | 3:24 PM
COLOMBO (News 1st) - ව්‍යාජ අමෙරිකානු ඩොලර් නෝට්ටු තොගයක් සමග විදේශිකයෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
එම කාර්යාංශය සඳහන් කළේ, ඔහුගේ ගමන් බෑගයේ තිබී ව්‍යාජ නෝට්ටු 169 ක් සොයාගත් බවයි.
සැකකරු වයස 49 හැවිරිදි මාලදිවයින් ජාතිකයෙකි.
පාකිස්ථානයේ සිට අද මෙරටට පැමිණි එම සැකකරු වැඩිදුර විමර්ශන සඳහා කටුනායක ගුවන්තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු කාර්යාලයට භාරදීමට නියමිත වේ.