උතුරු පළාත් සභා මන්ත්‍රී ටී.රවිහරන් අත්අඩංගුවට

උතුරු පළාත් සභා මන්ත්‍රී ටී. රවිහරන් අත්අඩංගුවට

by Staff writer 10-08-2018 | 5:19 PM

COLOMBO (News 1st) - උතුරු පළාත් සභා මන්ත්‍රී ටී. රවිහරන් මහතා අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, මුලතිව් දිස්ත්‍රික් ධීවර දෙපාර්තමේන්තුවට අයත් කාර්යාලයකට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගත් බවයි. රවිහරන් මහතා මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත වේ. පසුගිය 02 වන දා මෙම කාර්යාලයට පහරදීම සිදු කර තිබුණි.