මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් සහ ඩීසල් මිල ඉහළට

අද මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් සහ ඩීසල් මිල ඉහළට

by Staff writer 10-08-2018 | 3:51 PM

COLOMBO (News 1st) - අද මධ්‍යම රාත්‍රියේ සිට ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 2.00 කින් හා සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 1.00 කින් ඉහළ දමා තිබේ.

ඒ අනුව, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 157.00 ක් වන අතර සුපිරි ඩීසල් ලීටරයක නව මිල 130.00 ක් වනු ඇති. මේ බව අනාවරණ කළේ, දැන් මුදල් අමාත්‍යාංශයේ පැවැත්වෙන ප්‍රවෘත්ති සාකච්ඡාවේදීයි. ජාත්‍යන්තර මිල ගණන් අනුව සෑම මසකම 10 වන දා සිට ක්‍රියාත්මක කිරීමට හඳුන්වා දුන් මිල සුත්‍රය අනුව මෙම මිල තීරණය කර ඇත. කෙසේ වෙතත් සාමාන්‍ය පෙට්‍රල් සහ සමාන්‍ය ඩීසල් මිල වෙනසක් සිදු ව නොමැත.