ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

කර්තෘ Sakila Udayakumara

10 Aug, 2018 | 7:20 am

COLOMBO (News 1st) 

1. අද උදෑසන 7.00ට කොළඹ කොටුවෙන් පිටත් වීමට නියමිත මහනුවර නගරාන්තර දුම්රියේ ආසන වෙන් කර ගත් මගීන් සඳහා විශේෂ සුඛෝපභෝගී බස් රථ දෙකක් යොදවා ඇතැයි නියෝජ්‍ය වාණිජ අධිකාරී එන්.ජේ. ඉදිපොලගේ මහතා පවසයි.

2. නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස සහ එම විෂය භාරව පසුගිය ආණ්ඩුවේ කටයුතු කළ විමල් වීරවංශ යන මහත්වරුන් අතර ඊයේ පාර්ලිමේන්තුවේදී විවාදයක් ඇති විය.

එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී විමල් විරවංශ මහතා නිවාස අධිකාරියට දෛනික දීමනා ගෙවීම් මත බඳවා ගෙන ඇති සේවකයින් සම්බන්ධයෙන් එහිදී ප්‍රශ්න කර සිටියේ ය.

3. එක්දින වැඩ වර්ජනයක නිරත වූ සමෘද්ධි නිලධාරීන් පිරිසක් ඊයේ පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගයේ විරෝධතාවක නිරත වූහ.

4. ඝණ පූර්ණය නොමැති වීමෙන් පාර්ලිමේන්තුව අදට කල් තැබිණි.

5. පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පාලිසේන යන මහත්වරුන් ලබන 23 වන දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

විදෙස් පුවත්

6. ඉන්දුනීසියාවේ ලොම්බොක් දූපතේ තව ත් ප්‍රභල භූ චලනයක් හටගෙන තිබේ.