අද මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් සහ ඩීසල් මිල ඉහළට

අද මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් සහ ඩීසල් මිල ඉහළට

අද මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් සහ ඩීසල් මිල ඉහළට

කර්තෘ Staff writer

10 Aug, 2018 | 3:51 pm

COLOMBO (News 1st) – අද මධ්‍යම රාත්‍රියේ සිට ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 2.00 කින් හා සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 1.00 කින් ඉහළ දමා තිබේ.

ඒ අනුව, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 157.00 ක් වන අතර සුපිරි ඩීසල් ලීටරයක නව මිල 130.00 ක් වනු ඇති.

මේ බව අනාවරණ කළේ, දැන් මුදල් අමාත්‍යාංශයේ පැවැත්වෙන ප්‍රවෘත්ති සාකච්ඡාවේදීයි.

ජාත්‍යන්තර මිල ගණන් අනුව සෑම මසකම 10 වන දා සිට ක්‍රියාත්මක කිරීමට හඳුන්වා දුන් මිල සුත්‍රය අනුව මෙම මිල තීරණය කර ඇත.

කෙසේ වෙතත් සාමාන්‍ය පෙට්‍රල් සහ සමාන්‍ය ඩීසල් මිල වෙනසක් සිදු ව නොමැත.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]