‍සමෘද්ධි නිලධාරීන් වැඩ වර්ජනයකට සැරසෙයි

‍සමෘද්ධි නිලධාරීන් දීපව්‍යාප්ත වැඩ වර්ජනයකට සැරසෙයි

by Staff writer 09-08-2018 | 7:40 AM

COLOMBO (News 1st) - සමෘද්ධි නිලධාරීන් පිරිසක් අද දීපව්‍යාප්ත වැඩ වර්ජනයක නිරත වනු ඇත.

ඒ, විශ්‍රාම වැටුප් ලබා නොදීමට විරෝධය පළ කරමිනි. සමස්ත ලංකා සමෘද්ධි සංවර්ධන හා කෘෂිකර්ම පර්යේෂණ නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් ඒ. ඩී. ජගත් කුමාර මහතා පැවසුවේ, පසුගිය රජයෙන් හඳුන්වාදුන් සමෘද්ධි නිලධාරීන්ගේ විශ්‍රාම වැටුප් ක්‍රමය වත්මන් රජය නිසි ලෙස ක්‍රියාත්මක කර නොමැති බවයි. කෙසේ වෙතත් තම වෘත්තීය සමිතිය අද පැවැත්වෙන වැඩ වර්ජනයට සහභාගි නොවන බව සමස්ත ලංකා එක්සත් සමෘද්ධි නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් ලලිත්. ඩී. ප්‍රියන්ත මහතා ප්‍රකාශ කළේ ය. ඔහු පැවසුවේ, මෙම වැඩ වර්ජනය දේශපාලන අරමුණු වෙනුවෙන් ක්‍රියාත්මක වන්නක් බවයි. මේ අතර පසුගිය දා පැවති රැස්වීමකදී ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා සමෘද්ධි නිලධාරීන්ගේ විශ්‍රාම වැටුප් ගැටලුව සම්බන්ධයෙන් ද අදහස් පළ කළේ ය.