කිරි නිපැයුම් මධ්‍යස්ථාන සංවර්ධනයට රජයේ අවධානය

කුඩා පරිමාණ කිරි නිපැයුම් මධ්‍යස්ථාන 6 ක් සංවර්ධනයට රජයේ අවධානය

by Staff writer 09-08-2018 | 2:11 PM

COLOMBO (News 1st) - කුඩා පරිමාණ කිරි නිපැයුම් මධ්‍යස්ථාන 6 ක් සංවර්ධනය කිරීමට රජයේ අවධානය යොමු වී තිබේ.

දේශිය දියර කිරි කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම මෙහි අරමුණයි. ධීවර සහ ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතා ඉදිරිපත් කළ යෝජනාවක් අනුව මෙය ක්‍රියාත්මක වේ.