දුම්රිය වර්ජනය තවදුරටත්: සාකච්ඡාවට පැමිණෙන්නැයි රජය ඉල්ලයි

දුම්රිය වර්ජනය තවදුරටත්: සාකච්ඡාවට පැමිණෙන්නැයි රජය ඉල්ලයි

දුම්රිය වර්ජනය තවදුරටත්: සාකච්ඡාවට පැමිණෙන්නැයි රජය ඉල්ලයි

කර්තෘ Staff writer

09 Aug, 2018 | 6:56 am

COLOMBO (News 1st) – දුම්රිය රියැදුරු, නියාමක ඇතුලු වෘත්තිය සමිති ඊයේ පස්වරුවේ ආරම්භ කළ හදිසි වර්ජනය මේ වනවිටත් ක්‍රියාත්මක වේ.

මෙම දුම්රිය සේවක වැඩ වර්ජනය හේතුවෙන් අද අලුයම සිට මේ දක්වා කිසිදු දුම්රියක් ධාවනය නොවූ බව දුම්රිය පාලක මැදිරිය පවසා ඇත.

එහි නිලධාරියෙකු ප්‍රකාශ කළේ, සෑම දුම්රිය ස්ථානයකම ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමේ කවුළු පවා වසා දමා ඇති බවයි.

වර්ජනයත් සමග දුම්රිය ස්ථානවල පවතින තත්ත්වය පිළිබඳව නිව්ස්ෆස්ට් කණ්ඩායම් අද උදෑසන සොයා බැලුවේ ය.

වර්ජනය අතැර සාකච්ඡා සඳහා පැමිණෙන්නැයි ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා වෘත්තීය සමිතිවලින් ඉල්ලීමක් කර ඇත.

දුම්රිය වැඩ වර්ජනය හේතුවෙන් ජනතාවට සිදුවන අපහසුතා අවම කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව ද ඔහු පැවසුවේ ය.

මේ අතර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අද පෙනී සිටින සිසුන්ට දුම්රිය වර්ජනයෙන් සිදුවන පීඩාවන් අවම කරගැනීම සඳහා වේලාව ඇතිව විභාග මධ්‍යස්ථානවලට වාර්තා කරන්නැයි විභාග කොමසාරිස් ජෙනරාල් සනත්. බී. පූජිත මහතා දැනුම් දෙයි.

උසස් පෙළ සිසුන් සඳහා යුද හමුදාවේ මැදිහත්වීමෙන් නොමිලේ විශේෂ බස් රථ සේවයක් ද අද ක්‍රියාත්මක වනු ඇති.