අමෙරිකාවෙන් රුසියාවට එරෙහිව සම්බාධක

අමෙරිකාවෙන් රුසියාවට එරෙහිව සම්බාධක

අමෙරිකාවෙන් රුසියාවට එරෙහිව සම්බාධක

කර්තෘ Staff writer

09 Aug, 2018 | 8:02 am

රුසියාවට එරෙහිව නව සම්බාධක පැනවීමට අමෙරිකාව සුදානම් වෙයි.

අමෙරිකාව සඳහන් කළේ, රුසියාව, බ්‍රිතාන්‍යයේ දිවිගෙවන හිටපු රුසියානු ඔත්තුකරුවකුට මාරාන්තික විෂ ප්‍රහාරයක් එල්ල කිරීම මෙම නව සම්බාධක පැනවීමට හේතු වූ බවයි.

රුසියාව, තමනගේම පුරවැසියන්ට එරෙහිව මාරාන්තික රසායනික අවි භාවිත කර ඇති අතර එය ජාත්‍යන්තර නීතිය කඩ කිරීමක් බව අමෙරිකාව ප්‍රකාශ කළේ ය.

විෂ ප්‍රහාරය එල්ල වූ රුසියානු හිටපු ඔත්තුකරු සර්ජි ස්ක්‍රිපාල් සහ ඔහුගේ දියණිය යූලියා, ඉන් බරපතළ ලෙස රෝගාතුර වූ නමුත් පසුව සුවය ලැබුවා ය.

මෙම විෂ ප්‍රහාරයට රුසියාව සම්බන්ධ යැයි බ්‍රිතාන්‍ය පරීක්ෂක කණ්ඩායමක් පැවසුව නමුත් රුසියාව එම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කර තිබේ.

නව සම්බාධක ලබන 22 දින සිට ක්‍රියාත්මක වනු ඇති.