ඉදිකිරීම් අක්‍රමිකතා දැනුම් දීමට විශේෂ ඒකකයක්

මොරගහකන්ද කළුගඟ ව්‍යාපෘතියේ අක්‍රමිකතා දැනුම් දීමට විශේෂ ඒකකයක්

by Staff writer 08-08-2018 | 7:04 AM
COLOMBO (News 1st) :  මොරගහකන්ද කළුඟග සංවර්ධන ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතුවලට අදාළව දූෂණ වංචා අක්‍රමිකතා පිළිබඳ නිශ්චිත තොරතුරු දැනුම් දීම සඳහා ජනාධිපති විශේෂ එකකයක් ස්ථාපනය කර තිබේ. රුපියල් කෝටි 23000ක වියදමින් ඉදිවන මෙරට දැවැන්තම බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය මොරගහකන්ද කළුගඟ ව්‍යාපෘතියයි. එහි ඉදිකිරීම්වලදී කිසියම් අක්‍රමිකතාවක් වෙතොත් ඒ පිළිබඳ මෙම විශේෂ ඒකක සඳහා 011 2034159 දුරකතන අංකය සහ 011 2879976 ෆැක්ස් අංකය ඔස්සේ සාක්ෂි සහිත තොරතුරු දැනුම් දිය හැකි ය. එමෙන්ම එම තොරතුරු අධ්‍යක්ෂ විමර්ශන, මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශය, සොබාදම් පියස, අංක 416/සී/1, රොබට් ගුණවර්ධන මාවත, බත්තරමුල්ල යන ලිපිනයට ද අදාළ තොරතුරු යොමු කළ හැකියි.