බිත්තර හා කුකුළු මස් මිල ඉහළට

බිත්තර හා කුකුළු මස් මිල ඉහළට

by Staff writer 08-08-2018 | 7:21 AM
COLOMBO (News 1st) : බිත්තර හා කුකුළු මස් මිල ගණන් ඉහළ ගොස් තිබේ. පාරිභෝගිකයින් පවසන්නේ, මේ දිනවල වෙළෙඳපොළේ බිත්තරයක් රුපියල් 20 ත් 22 ත් අතර මිලකට අලෙවි වන බවයි. කුකුළු මස් මිල ද කිලෝ ග්‍රෑමයක් රුපියල් 500 ත් 600 ත් අතර අගයක් දක්වා ඉහළ ගොස් ඇති බව ද ඔවුහු ප්‍රකාශ කළහ. මේ අතර සමස්ත ලංක බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක මහතා ප්‍රකාශ කළේ, බිත්තර මිල ඉහළ යාමට හේතු කිහිපයක් බලපා ඇති බවයි. කෙසේ වෙතත් කුකුළු මස් මිලෙහි සැළකිය යුතු වැඩිවීමක් සිදුව නොමැති බව සමස්ත ලංකා කුකුළු මස් නිෂ්පාදකයින්ගේ සංගමය පැවසී ය. මේ අතර ඊයේ රැස් වූ ජීවන වියදම් කමිටුව ද බිත්තර හා කුකුළු මස් මිල ඉහළ යාම සම්බන්ධයෙන් අවධානය යොමු වී ඇති අතර එහිදී සාකච්ඡා වී ඇත්තේ බිත්තර හා කුකුළු මස් මිල ඉහළ යාම සම්බන්ධයෙන් නිෂ්පාදකයින් ගෙන්වා කරුණු විමසිය යුතු බවයි. ඉන් අනතුරුව මෙම ආහාර සඳහා පාලන මිලක් පැනවීමට ද ජීවන වියදම් කමිටුව තීරණය කර තිබේ.