ශ්‍රී ලංකා-ද. අප්‍රිකා එක්දින තරගාවලියේ සිව්වන තරගය අද

ශ්‍රී ලංකා-ද. අප්‍රිකා එක්දින තරගාවලියේ සිව්වන තරගය අද

ශ්‍රී ලංකා-ද. අප්‍රිකා එක්දින තරගාවලියේ සිව්වන තරගය අද

කර්තෘ Staff writer

08 Aug, 2018 | 9:07 am

COLOMBO (News 1st): තරග 5 කින් සමන්විත ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා එක්දින ක්‍රිකට් තරගාවලියේ සිව්වන තරගය අද මහනුවර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

තරගය දිවා රාත්‍රී තරගයක් ලෙස පස්වරු 2.30ට ආරම්භ වීමට නියමිතයි.

තරගාවලියේ පළමු තරග 3 ජය ගත් දකුණු අප්‍රිකාව මේ වන විටත් තරග 5කින් සමන්විත එක්දින තරගාවලිය ජය තහවුරු කරගෙන අවසන් ය.

මේ අතර නිමාවට පත්වූ තුන්වන එක්දින ක්‍රිකට් තරගයේදී උඩ පන්දුවක් රැක ගැනීමට යාමේදී අාබාධයකට ලක්වූ දකුණු අප්‍රිකානු නිත්‍ය නායක ෆෆ් ඩු ප්ලෙසිස් අද තරගයට සහභාගී නොවනු ඇති.

ඔහුට ශ්‍රී ලංකා තරග සංචාරයේ ඉදිරි සියලු තරග අහිමි වී ඇති අතර ඒ වෙනුවට එක්දින තරගාවලියේ ඉතිරි තරග 2 සඳහා දකුණු අප්‍රිකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම පැවරී ඇත්තේ ක්වින්ටන් ඩී. කොක්ටයි.

පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලිය සඳහා දකුණු අප්‍රිකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම ජේ.පී. ඩුමිනි පැවරී තිබේ.

මෙම තරගයේදී බොහෝ විට දග පන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරියට සිය ස්ථානය අහිමි විය හැකි අතර ඒ වෙනුවට වේග පන්දු යවන ක්‍රීඩක කසුන් රජිත යළි කණ්ඩායමට එක් විය හැකි බව ක්‍රිකට් විචාරකයෝ පවසති.