ගෙවුණු දවස උණුසුම් කළ පුවත්

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්

කර්තෘ Sagarika Chathumali

08 Aug, 2018 | 6:35 am

COLOMBO (News 1st)
දේශීය පුවත්

1. 7 වන බාලි සම්මුති සම්මන්ත්‍රණය ඉන්දුනීසියාවේදී… : 7 වන බාලි සම්මුතියේ සම්මන්ත්‍රණය ඊයේ ඉන්දුනීසියාවේ බාලිහිදී පැවැත්විණි. මෙම සම්මන්ත්‍රණයට ප්‍රධාන ආරාධිතයන් ලෙස එක්වුණේ, ඔස්ට්‍රේලියාවේ විදේශ කටයුතු අමාත්‍ය ජූලි බිෂොප් සහ ඉන්දුනීසියාවේ විදේශ කටයුතු අමාත්‍ය රෙට්නෝ මර්සුඩි යන මහත්ම මහත්මීන් ය. ලොව ප්‍රධාන පෙළේ සමාගම් සමග ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සීමාසහිත කැපිටල් මහරාජා සමූහ සංවිධානය ද ඊට සහභාගී විය.

2. කොටුවේ රිය අනතුරක් ගුටි කෙළියකින් කෙළවරයි : කොළඹ, කොටුව ප්‍රදේශයේ රිය අනතුරකින් පසුව ඇති වූ බහින් බස් වීමක් දුරදිග ගොස් සිදු වූ පහරදීමකින් තුවාල ලැබූ තිදෙනෙකු ඊයේ රෝහල්ගත කෙරිණ.

3.අබාන්ස් සභාපතිනියගෙන් දේශපාලනඥයින්ට පණිවුඩයක් : අබාන්ස් අබාන්ස් සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘ සහ සභාපතිනී අබාන් පෙස්ටොන්ජි මහත්මිය 2017 වසරේ හොඳ ම ව්‍යවසායිකාවට හිමි සම්මානයෙන් පිදුම් ලැබී ය.

4. කඩවත වෙඩි තැබීමකින් කාන්තාවක මරුට : කඩවත ගෝනහේන මංසන්ධියේ ඊයේ දහවල් සිදු කළ වෙඩි තැබීමකින් තුවාල ලබා රාගම ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාව ජීවිතක්ෂයට පත්වූවා ය.

5. PE+ සන්නාමය ව්‍යාජව භාවිත කළ ආයතනයකට අධිකරණයෙන් දඩ: පී.ඊ. ප්ලස් වෙළෙඳ සන්නාමය භාවිත කරමින් අනවසරයෙන් නිෂ්පාදන සිදු කළ වෙළෙඳ ආයතනයකට එරෙහිව ඊයේ පියවර ගනු ලැබී ය. ඒ, ඊට අදාළ නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවූ අවස්ථාවේදීයි.

6. පනලියේ අනතුර ගැන ඇමති පරීක්ෂණයක් ඉල්ලයි : උඩරට මාර්ගයේ, පනලියේදී සිදුවූ දුම්රිය අනතුර සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන්නැයි, ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා උපදෙස් දී තිබේ.

විදෙස් පුවත්….

1. කරුණානිධි අභාවප්‍රාප්ත වෙයි : ඉන්දියාවේ ජ්‍යෙෂ්ඨතම දේශපාලනඥයෙකු වන ඩී.එම්.කේ. පක්ෂ නායක එම්. කරුණානිධි මහතා චෙන්නායිහි පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ අභාවප්‍රාප්ත විය.

2. ට්‍රම්ප් යළි ත් ඉරානයට සම්බාධක දමයි : ඉරානයේ න්‍යෂ්ටික ක්‍රියාකාරකම්වලට එරෙහි අමෙරිකානු සම්බාධක යළි ක්‍රියාත්මක කිරීමට ජනපති ට්‍රම්ප් පියවර ගෙන තිබේ. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියා සිටියේ 2015 න්‍යෂ්ටික ගිවිසුමෙන් ඇමෙරිකාව ඉවත්වීමේ ප්‍රතිඵලයක් ලෙස ඉරානයට එරෙහිව යළිත් සම්බාධක පනවන බවයි.

ක්‍රීඩා පුවත්… .

1. ද. අප්‍රිකානු නායකයාට ඉදිරි තරග අහිමිවෙයි : ආබාධයකට ලක්වීම හේතුවෙන් දකුණු අප්‍රිකා නායක ෆෆ් ඩූ ප්ලෙසිස්ට ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන ඉදිරි එක්දින ක්‍රිකට් තරග 2 හා පන්දුවාර විස්සයි ක්‍රිකට් තරගවලින් ඉවත්වීමට සිදුව තිබේ.