මුද්‍රණාල සේවක වර්ජනය තවදුරටත්

මුද්‍රණාල සේවක වර්ජනය තවදුරටත්

by Staff writer 07-08-2018 | 11:13 AM

COLOMBO (News 1st) - රජයේ මුද්‍රණාල සේවකයන් ආරම්භ කරන ලද වැඩවර්ජනය හේතුවෙන් මේ වන විට ආකෘති පත්‍ර හා ගැසට් මුද්‍රණය ඇතුළු මුද්‍රණ කටයුතු අඩාල වී ඇතැයි වාර්තා වේ.

රජයේ මුද්‍රණ සේවකයින් ඊයේ මෙම වැඩවර්ජනය ආරම්භ කළේ, දේශපාලන හිතවාදීන් පිරිසක් දේශපාලන පළිගැනීම්වලට ලක්වූ බව පවසමින් ඔවුන්ට වන්දි ලබාදීම, සිදුවී ඇති කඩදාසි මිලියන ගණනක වංචා සහ දෙපාර්තමේන්තුව මුද්‍රණය කළ යුතුව තිබූ පාසල් පොත් විශාල සංඛ්‍යාවක් පෞද්ගලික අංශයට ලබාදීම ඇතුළු කරුණු කිහිපයකට විරෝධය පළ කරමින් ය. රජයේ මුද්‍රණ සේවක එකමුතුවේ කැඳවුම්කරු සරත් ලාල් මහතා සඳහන් කළේ, සිය ඉල්ලීම් සඳහා විසඳුම් නොලැබුණ හොත් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය දැඩි කිරීමට පියවර ගන්නා බවයි. මේ පිළිබඳව කළ විමසීමකදී රජයේ මුද්‍රණාලයාධිපතිනි, ගංගානි කල්පනි මහත්මිය පැවසුවේ, මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සඳහා සේවකයන් පිරිසක් සහභාගි වී ඇති නමුත් මුද්‍රණ කටයුතු සඳහා කිසිදු බාධාවක් සිදුව නොමැති බවයි.