මාතලේට පැය 24ක ජල කප්පාදුවක්

මාතලේට පැය 24ක ජල කප්පාදුවක්

by Staff writer 07-08-2018 | 6:59 AM
COLOMBO (News 1st) : මාතලේ ප්‍රදේශ කිහිපයකට අද උදෑසන 9 සිට හෙට උදෑසන 9 දක්වා පැය 24 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජල අපවාහන මණ්ඩලය පවසයි. මාතලේ නගර සීමාව හා ඒ අවට ප්‍රදේශවලට, මාතලේ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට හා අළුවිහාරය ඇතුළු ඒ අවට ප්‍රදේශවලට එලෙස ජල සැපයුම අත්හිටවෙනු ඇති. අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම් දෙයි.