මත්පෙති 120,000 ක් සමග සැකකරුවෙක් දැලේ

මත්පෙති 120,000 ක් සමග සැකකරුවෙක් දැලේ

by Staff writer 07-08-2018 | 1:33 PM
COLOMBO (News 1st) : මත්පෙති එක් ලක්ෂ විසි දහසකට අධික සංඛ්‍යාවක් සමග පුද්ගලයකු අත්අඩංගුට ගෙන තිබේ. පොලිස් මත් ද්‍රව්‍ය නාශක කාර්යංශය සඳහන් කළේ, ඊයේ පස්වරුවේ කටුනායක අපනයන රේගු අංශයේදී සැකකරු අත්අඩංගුවට ගෙන පොලිස් මත් ද්‍රව්‍ය නාශක කාර්යංශයට භාර දුන් බවයි. මෙම මත් පෙති තොගය මෙරට සිට එංගලන්තයට කුරියර් සේවාවක් හරහා යැවීමට සූදානම් කර තිබූ ඒවා බව පොලිස් මත් ද්‍රව්‍ය නාශක කාර්යංශය සඳහන් කළේ ය. මත් පෙති තොගයේ බර ක්‍රිලෝ ග්‍රෑම් 8යි ග්‍රෑම් 220කි. සිද්ධිය සම්බන්ධයෙන් සැකකපිට වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි පුද්ගලයේ අත්අඩංගුවට ගෙව තිබේ.