නියෝමාල් සහ ළමාහේවා යළි රිමාන්ඩ්

නියෝමාල් සහ ළමාහේවා යළි රිමාන්ඩ්

by Staff writer 07-08-2018 | 1:40 PM
COLOMBO (News 1st) : පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ, වැටලීම් අංශයේ හිටපු ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව හා හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් ළමාහේවා යන මහත්වරුන් ලබන 21 වන දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. සැකකරුවන් අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ. නියෝමාල් රංගජිව හා එමිල් රංජන් ළමාහේවා යන මහත්වරුන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගතකර සිටින්නේ, වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවන් හා රැඳවියන් 27 දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙනුයි.