7 වන බාලි සම්මුතියේ සම්මන්ත්‍රණය ඉන්දුනීසියාවේදී

නායකත්වය ගන්න, නැත්නම් අනුගාමිකයෙකු වන්න, එසේත් නැත්නම් මාවතෙන් ඉවත් වන්න - ශෙවාන් ඩැනියෙල්

by Staff writer 07-08-2018 | 10:33 PM
COLOMBO (News 1st) -  7 වන බාලි සම්මුතියේ සම්මන්ත්‍රණය අද ඉන්දුනීසියාවේ බාලිහිදී පැවැත්විණි. මෙම සම්මන්ත්‍රණයට ප්‍රධාන ආරාධිතයන් ලෙස එක්වුණේ, ඔස්ට්‍රේලියාවේ විදේශ කටයුතු අමාත්‍ය ජූලි බිෂොප් සහ ඉන්දුනීසියාවේ විදේශ කටයුතු අමාත්‍ය රෙට්නෝ මර්සුඩි යන මහත්ම මහත්මීන් ය. ලොව ප්‍රධාන පෙළේ සමාගම් සමග ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සීමාසහිත කැපිටල් මහරාජා සමූහ සංවිධානය ඊට සහභාගී විය. මෙරට විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා සමග සීමාසහිත කැපිටල් මහරාජා සමූහ සංවිධානය වෙනුවෙන් සමූහ අධ්‍යක්ෂ ශෙවාන් ඩැනියෙල් මහතා ඊට එක්ව සිටියේ ය. වර්තමාන වහල් සේවයට එරෙහිව ගෝලීය සටන බාලි සම්මුතියේ මූලික අරමුණ යි. ඊට රටවල් 45ක් නියෝජනය කරමින් රාජ්‍ය නායකයින් සහ ජ්‍යේෂ්ඨ අමාත්‍යවරු හා එක්සත් ජාතීන්ගේ සංවිධාන තුනක් මීට එක්ව සිටිති.