කොටුවේ රිය අනතුරක් ගුටි කෙළියකින් කෙළවර වෙයි

කොළඹ කොටුවේ බස් - කාර් අනතුරක් ගුටි කෙළියකින් කෙළවර වෙයි

by Staff writer 07-08-2018 | 9:37 PM

COLOMBO (News 1st) - කොළඹ, කොටුව ප්‍රදේශයේ රිය අනතුරකින් පසුව ඇති වූ බහින් බස් වීමක් දුරදිග ගොස් සිදු වූ පහරදීමකින් තුවාල ලැබූ තිදෙනෙකු රෝහල් ගතකර තිබේ.

පොලීසිය සඳහන් කළේ, අද පස්වරුවේ බස් රථයක් සහ මෝටර් රථයක් ගැටීමෙන් අනතුරුව මෙම සිද්ධිය හටගෙන ඇති බව ය. බස් රථයේ රියැදුරු සහ මෝටර් රථයේ සිටි පුද්ගලයින් අතර ගැටුමක් හටගෙන තිබේ. එම ගැටුමේදී මෝටර් රථයේ සිටි පුද්ගලයින් බස් රථයේ රියැදුරුට තියුණු ආයුධයකින් පහරදී ඇති බව පොලීසිය සඳහන් කළේය. ඉන් තුවාල ලැබූ බස් රථයේ රියැදුරු ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයට ඇතුළත් කර තිබේ. මෝටර් රථයේ සිටි පුද්ගලයින් දෙදෙනෙකු ද පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන බව පොලීසිය සඳහන් කළේය.