කරුණානිධි අභාවප්‍රාප්ත වෙයි

කරුණානිධි අභාවප්‍රාප්ත වෙයි

by Staff writer 07-08-2018 | 7:07 PM
(News 1st) - ඉන්දියාවේ ජ්‍යේෂ්ඨතම දේශපාලනඥයෙකු වන ඩී.එම්.කේ. පක්ෂ නායක එම්. කරුණානිධි මහතා මීට සුළු වේලාවකට පෙර අභාවප්‍රාප්ත විය. ඒ, චෙන්නායිහි පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ය. මිය යන විට 94 වන වියේ පසු වූ ඔහුගේ රුධිර පීඩනය පහත වැටීම හේතුවෙන් ඉකුත් ජූලි මස 28 වන දින රෝහල්ගත කෙරිණි. එම්. කරුණානිධි පස් වරක් තමිල්නාඩු ප්‍රාන්තයේ ප්‍රධාන අමාත්‍ය ධූරය දැරූ අතර දශක 6ක කාලයක් තමිල්නාඩු දේශපාලනයේ ක්‍රියාකාරී චරිතයක් ලෙස කටයුතු කළේ ය.