2016දී පුද්ගලයෙකු ඝාතනය කෙරූ වරදකරුවෙකුට මරණ දඬුවම

අතකොළුවකින් ගසා පුද්ගලයෙකු ඝාතනය කළ වරදකරුවෙකුට මරණ දඬුවම

by Staff writer 07-08-2018 | 4:00 PM
COLOMBO (News 1st) - අතකොළුවකින් ගසා පුද්ගලයෙකු මරණයට පත් කිරීමේ චෝදනාවකට වරදකරු වූ පුද්ගලයෙකුට කොළඹ මහාධිකරණය අද මරණ දඬුවම නියම කළේ ය. 2010 වසරේ සැප්තැම්බර් 12 වන දින බොරලැස්ගමුව ප්‍රදේශයේදී මෙම ඝාතනය සිදුව තිබේ. රුපියල් 10ක් ඉල්ලා ඇති වූ ආරවුලක් මත විත්තිකරු විසින් අදාළ පුද්ගලයාට මෙලෙස අතකොළුවකින් හිසට පහර දී ඝාතනය කර තිබිණි. චෝදනාවන්ට වරදකරු වූ 60 හැවිරිදි විත්තිකරුට කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් මහතා මරණ දඬුවම නියම කළේ ය.