නවක වධ සිද්ධීන් දැනුම්දීමට අංකයක්

නවක වධ සිද්ධීන් දැනුම්දීමට අංකයක්

නවක වධ සිද්ධීන් දැනුම්දීමට අංකයක්

කර්තෘ Sagarika Chathumali

07 Aug, 2018 | 7:44 am

COLOMBO (News 1st) : විශ්වවිද්‍යාල හා උසස් අධ්‍යාපන ආයතනවල නවක වධයට භාජනය වන සිසුන්ට ඒ පිළිබඳ පැමිණිලි කිරීම සඳහා හදිසි දුරකතන අංකයක් සහ විශේෂ කාර්යාලයක් පිහිටුවා ඇතැයි, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.

එම කොමිෂන් සභාව සිසුන්ගේ ඉල්ලා සිටින්නේ නවක වධ සිද්ධියක් සිදු වූ වහා ම ඒ පිළිබඳව පැය 24 පුරා ක්‍රියාත්මක 011-2123700 හදිසි දුරකතන අංකයට වහා ම දැනුම් දිය බවයි.

එසේම ඒ ගැන විශ්වවිද්‍යාල බලධාරීන් ද දැනුම්වත් කොට අදාළ ප්‍රාදේශීය පොලිස් ස්ථානයට ද පැමිණිලි කරන
ලෙස විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සිසුන්ට දැනුම් දෙයි.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ පිහිටුවා ඇති විශේෂ කාර්යාලය රජයේ නිවාඩු දින හැර සෙසු දින වල පෙරවරු 8.30 සිට පස්වරු 4.00 දක්වා විවෘතයි.

නවක වධ ක්‍රියාකාරකම් සම්බන්ධව 1998 අංක 20 දරණ අධ්‍යාපන ආයතනවල නවක වධය හා අනෙකුත් ප්‍රචණ්ඩ ක්‍රියා තහනම් කිරීමේ පනත බල පැවැත්වේ.

ඒ පනත යටතේ චෝදනා ලබන අයට ඇප ලබා ගැනීමට නොහැකි වන අතර අ‍ධිකරණයකදී වරදකරු වුවහොත් වසර 10 ක කාලයක් දක්වා බරපතළ වැඩ ඇතිව සිරදඬුවමකට යටත් කෙරෙනු ඇති.

ඒසේම විශ්වවිද්‍යාල හා උසස් අධ්‍යාපන ආයතනවල අධ්‍යාපනය ලබන තම දරු දැරියන්ගේ හැසිරීම් හා ක්‍රියාකාරම් පිළිබඳ සුපරික්ෂාකාරීව සිටින ලෙස ද ප්‍රතිපාදන කොමිෂන් සභාව දෙමව්පියන්ගෙන් ඉල්ලා සිටී.