කඩවත වෙඩි තැබීමකින් කාන්තාවකට තුවාලයි

කඩවත වෙඩි තැබීමකින් කාන්තාවකට තුවාලයි

කඩවත වෙඩි තැබීමකින් කාන්තාවකට තුවාලයි

කර්තෘ Staff writer

07 Aug, 2018 | 2:54 pm

COLOMBO (News 1st) – කඩවත, නුවර පාරේ ගෝනහේන, ආම්ස්ට්‍රෝන් හංදියේ සිදු වූ වෙඩි තැබීමකින් කාන්තාවක් තුවාල ලබා තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගු‍ණසේකර මහත සඳහන් කළේ, තුවාල ලැබු කාන්තාව රාගම රෝහලට ඇතුළත් කර ඇති බව ය.

තුවාල ලබා ඇත්තේ කඩවත, ගෝනහේන ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි .

අද පස්වරු 1ට පමණ මෙම වෙඩි තැබීම සිදුව තිබේ.

වෙඩි තැබීමට හේතුව මෙතෙක් තොරතුරු තහවුරු වී නොමැත.

සැකකරු පලා ගොස් ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.