by Staff writer 06-08-2018 | 10:26 PM
COLOMBO (News 1st) - දිය අගල් හා පොකුණුවලට වසවිස කවලම් කර සතුන් ඝාතනය කළ බවට චෝදනා එල්ල වූ තව ත් සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.
සෝමාවතිය ජාතික වනෝද්‍යානයේ ජල මූලාශ්‍රවලට විෂ රසායනික මිශ්‍ර කර සතුන් මරා මස් සඳහා අළෙවි කිරීමේ ජාවාරමක් පිළිබඳ තොරතුරු අනාවරණ විය.
වනජීවි දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ජලය රැස්වී ඇති කුඩා පොකුණුවලට විෂ රසායනික මිශ්‍ර කර මෙලෙස සතුන් මරා දමා ඇති බවයි.
ඊයේ වනජීවි නිලධාරීන් කළ සෝදිසියකදී මියගිය සතුන්ගේ ශරිර කොටස් රැසක් සොයා ගැනීමට හැකි විය.
ඒ අතරට මුවන් ගෝනුන් හා කිඹුලෙකු ද වන බව වනජීවි නිලධාරීන් පැවසීය.
මේ අතර ඊයේ අලුයම කළ වැටලිමකදී මුව මස් තොගයක් සමග සැකකරුවෙකු වනජීවි දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබිණි.
තව ත් සැකකරුවන් දෙදෙනෙකු මේ වන විට වනජීවි භාරයට ගෙන ඇති අතර ඔවුන් මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමට නියමිත වේ.
ඔවුන් සතුන් මරා කදුරුවෙල, මැදිරිගිරිය, හිඟුරක්ගොඩ ආදි ප්‍රදේශවල හෝටල් හා අවන් හල් වෙත සපයන බව මූලික විමර්ශනවලදී අනාවරණ විය.