විපක්ෂ නායක ධුරය ගැන අවසන් තීන්දුව ප්‍රමාදයි

විපක්ෂ නායක ධුරය ගැන අවසන් තීන්දුව ප්‍රමාදයි

by Staff writer 06-08-2018 | 9:44 PM

COLOMBO (News 1st) - පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධූරයට වෙනත් කෙනෙකු පත්කිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් අද කථානායකවරයාගෙන් විමසීමක් කළේ ය.

ඒකාබද්ධ විපක්ෂය මෙම යෝජනාව මුලින්ම කරලියට ගෙන ආවේ පාර්ලිමේන්තුවේ දෙවැනියට වැඩිම බහුතරය ඇත්තේ තමන්ට බව පවසමිනි. ඒ අනුව පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධූරය සන්ධාන මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතාට ලබාදෙන ලෙස ඉල්ලමින් මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුගේ අත්සනින් යුතු ලිපියක් පසුගිය 30 වන දා කථානායකවරයාට ඉදිරිපත් කර තිබුණි. අනතුරුව පක්ෂයේ නිල මතය දැනුම් දෙන ලෙස ඉල්ලා කථානායක කරූ ජයසූරිය මහතා විසින් සන්ධාන මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතාට ලිපියක් යොමු කෙරිණි. කෙසේ වෙතත් විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා හා කථානායක කරූ ජයසූරිය යන මහත්වරුන් අද මහනුවරදී මේ සම්බන්ධයෙන් දැක්වූයේ මෙවන් අදහසකි. මාධ්‍යවේදී ප්‍රශ්නය,
විපක්ෂ නායකතුමා ධූරය ගැන යම් යම් මතවාද තිබෙනවා ඒක වෙනස් වෙනවා කියලා
විපක්ෂ නායක, ආර්. සම්බන්ධන්,
ඒ සම්බන්ධව මං කතා කරන්නේ නැහැ. ඒ සම්බන්ධව කතානායකතුමා තීන්දුවක් දෙන්න කියලා ඉන්නවා.
මාධ්‍යවේදී ප්‍රශ්නය,
එතුමා දෙන තීන්දුව පිළිගන්නව ද? එතුමා දෙන තීන්දුව පිළිගන්නව ද ඔබතුමා?
විපක්ෂ නායක, ආර්. සම්බන්ධන්,
හරි හරි
මාධ්‍යවේදී ප්‍රශ්නය,
විපක්ෂ නායක පත්කර එක ගැන ඔබතුමා මොකද  කරන්නේ?
කථානායක, කරූ ජයසූරිය,
නැහැ මං අද ඒක ගැන කතා කරන්නේ නැහැ. තරහා වෙන්න එපා මං ඒ ගැන කතා කරන්නේ නැහැ. හැමදාම මං අහගෙන ඉන්නවා විතරයි.