වැඩ තහනම් වූ කොළඹ නාගරික කොමසාරිස් යළි ධූරයට

වැඩ තහනම් වූ කොළඹ නාගරික කොමසාරිස් යළි ධූරයට

by Staff writer 06-08-2018 | 4:55 PM

COLOMBO (News 1st) - වැඩ තහනමට ලක් ව සිටි කොළඹ නාගරික කොමසාරිස් වි. කේ අනුර මහතා නැවතත් කොළඹ නාගරික කොමසාරිස්වරයා ලෙස පත් කර තිබේ.

බස්නාහිර පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර මහතා ප්‍රකාශ කළේ, ඔහු සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණවලට බාධාවක් නොවන පරිදි කොන්දේසි කිහිපයක් පැනවීමෙන් අනතුරුව වි. කේ අනුර මහතා එම ධූරයට යළි පත් කළ බවයි. මේ අනුව වැඩබලන නාගරික කොමසාරිස් ධූරයේ මෙතෙක් කටයුතු කළ ලලිත් වික්‍රමරත්න මහතා යළි ත් කොළඹ නියෝජ්‍ය නාගරික කොමසාරිස්වරයා ලෙස කටයුතු කරනු ඇති.