ව්‍යවසායකයින්ට කෘෂි සේවා උපකරණ කට්ටලයක්

ව්‍යවසායකයින්ට කෘෂි සේවා උපකරණ කට්ටල ලබාදීමට පියවර

by Staff writer 06-08-2018 | 6:08 PM

COLOMBO (News 1st) - ව්‍යවසායකයින්ට කෘෂි සේවා උපකරණ කට්ටල ලබාදීමට සමාජ සුබසාධන හා ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යංශය පියවර ගෙන තිබේ.

ඒ යටතේ පුහුණුව ලැබූවන් 50 දෙනෙකුට රුපියල් එක්ලක්ෂ හැත්තෑ පන්දහසක් වටිනා කෘෂි සේවා උපකරණ කට්ටලයක් ලබාදීමට නියමිත වේ. සමාජ සුබසාධන හා ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යංශය මගින් ක්‍රියාත්මක කරන කෘෂි සේවා සැපයීමේ ව්‍යපෘතියට අදාළව මෙම වැඩසටහන ආරම්භ කෙරෙනු ඇති.