මුද්‍රණාල සේවකයින් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක

රජයේ මුද්‍රණාල සේවකයින් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක

by Staff writer 06-08-2018 | 5:24 PM

COLOMBO (News 1st) - රජයේ මුද්‍රණාල සේවකයින් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබේ.

රජයේ මුද්‍රණ සේවක එකමුතුවේ කැඳවුම්කරු සරත් ලාල් මහතා සඳහන් කළේ, දේශපාලන හිතවතුන් පිරිසකට දේශපාලන පළිගැනීම් බව පවසමින් වන්දි ලබාදීම ඇතුළු කරුණු කිහිපයට විරෝධය පළ කරමින් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයට අවතීර්ණ වූ බවයි. මේ හේතුවෙන් ගැසට් නිවේදන මුද්‍රණය කිරීම ඇතුළු කටයුතුවලට බාධා එල්ල විය හැකි බව ඔහු සඳහන් කළේ ය. මේ පිළිබඳව රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානි කල්පනි මහත්මියගෙන් නිව්ස්ෆස්ට් විමසීමක් කළේ ය. ඇය සඳහන් කළේ, මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය සඳහා සේවකයින් පිරිසක් සහභාගිවී ඇති නමුත් මුද්‍රණ කටයුතුවලට කිසිදු බාධාවක් සිදුවී නොමැති බවයි.