මැලිබන් වීදියේ තෙමහල් වෙළෙඳසලක ගින්නක්

මැලිබන් වීදියේ තෙමහල් වෙළෙඳසලක ගින්නක්

by Staff writer 06-08-2018 | 10:22 AM
COLOMBO (News 1st) : කොළඹ මැලිබන් වීදියේ මහල් තුනකින් යුත් වෙළෙඳසලක හටගත් ගින්නකින් එහි පළමු මහල සම්පූර්ණයෙන් ම විනාශ වී තිබේ. කොළඹ ගිනි නිවීම් ඒකකය සඳහන් කළේ, අද අලුයම ලද තොරතුරකට අනුව ගිනි නිවීම් රථ 3ක් සහ ගිනි භටයින් 13 දෙනෙකුගෙන් සමන්විත පිරිසක් එක්ව ගින්න පාලනය කළ බවයි. ගින්නනට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර පුද්ගල හානි ද වාර්තාවී නොමැත.