මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුට සිරදඬුවම්

මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ එක් දරු පියෙකුට ජීවිතාන්තය තෙක් සිරදඬුවම්

by Staff writer 06-08-2018 | 3:27 PM

 COLOMBO (News 1st) - මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ සැකකරුවෙකුට අද කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා විසින් ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කරනු ලැබිණි.

එලෙස සිරදඬුවම් නියම වූයේ 36 හැවිරිදි එක් දරු පියෙකුටයි. 2012 වසරේ සැප්තැම්බර් මස 7 වන දා කිරුලපන දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් සැකකරුවා අත්අඩංගුවට ගෙන ඇත්තේ හෙරොයින් ග්‍රැම් 4.3 ක් සමග ය. හෙරොයින් සන්තකයේ තබා ගැනීම හා ජාවාරමේ නිරතවීම යටතේ සැකකරුවාට එරෙහිව අධිචෝදනා ගොනුකර තිබුණි.